Posts

දැනට ලෝකයේ හොයාගෙන තියෙන සුදුම සුදු වර්ණය 🤍

Image
  Ultra White කියලා හදුන්වන මේ සුදු වර්ගය තමයි දැනට ලෝකයේ සොයාගෙන තියෙන සුදු වර්ණ අතරින් සුදු බවින් වැඩිම සුදු වර්ණය. ඇමෙරිකා එකසත් ජනපදයේ Indiana හි Purdue විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරුවන් පිරිසක් විසින් තමයි මේ අති සුදු තීන්ත වර්ගය සොයාගෙන තියෙන්නේ. 🇺🇸 බේරියම් සල්ෆේට් අංශු ඇතුලත් කර නිපදවා ඇති මේ තීන්ත වර්ගයට පුලුවන් හිරු එලිය 98.1% ක්ම  පරාවර්තනය කරන්න, මේක කොච්චර වටිනා සොයාගැනීමක්ද කියනවනම් මේ සුදු වර්ගයට පුලුවන් ගොඩනැගිලිවල බලශක්ති පරිභෝජනය බොහෝ ලෙස අඩු කරන්න. උදාහරණයක් ලෙස මෙම තීන්ත වර්ග මීටර් 92ක ආලේප කළහොත් එමගින් කිලෝ වොට් 10ක සිසිලන බලයක් ඉතුරු කරගැනීමට හැකි වෙනවා. මෙහි නිශ්පාදයකයින් කියන විදිහට පෘථිවියේ තියෙන වහළවල් වලින් 1%ක පමණ මේ තීන්ත වර්ගය ආලෝප කළහොත් එමඟින් ගෝලීය උණුසුම පාලනය කිරීමටත් හැකිවනු ඇත.